විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්

විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය අවධාරණය කරනවා.

ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යාංශවල උපදෙස් හා සම්බන්ධීකරණයෙන් පොලිසිය සහ බුද්ධි අංශ මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ.

ඉදිරි සංචාරක වාරය තුළ විදේශ සංචාකරයන් රැසක් මෙරට සංචාරය කිරීමට නියමිත බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එය ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම විදේශකයින් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය සහ ගෞරවයට ද බෙහෙවින් බලපායි.

සංචාරක ආකර්ෂණය සහිත රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව හා සතුට , විනෝදය , නිදහස ලබා ගැනීමට පරිසරය සැකසීම සියලු දෙනාගේ වගකීමයි.

ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ යුදමය වතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

පොලිස් සංචාරක කොට්ඨාශය ශක්තිමත් කෙරෙන අතර සියලු පොලිස් ස්ථානවලට මේ පිළිබද විශේෂ උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබාදීමට නියමිතයි.

ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් 1997 දරණ පොලිස් කෙටි දුරකතන අංකයට දැනුම්දිය හැකියි.

සංචාරක හෝටල් හිමිකරුවන් හා කාර්ය මණ්ඩල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සියලුදෙනා දැනටමත් සිදුකරන කාර්යභාරය පොලිසිය අගය කරයි.

ඉදිරියේ දී සංචාරකයන්ගේ ජිවිත හා දේපළ ආරක්ෂාව පිළිබද ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න පොලිසියේ අපේක්ෂාවයි.

ඕනෑම අවස්ථාවක සිය බලප්‍රදේශයේ පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කර ගැනීමෙන් ඒ සදහා කටයුතු කළ හැකියි.

ඉදිරියේ ඒ පිළිබද අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථාන වෙත ද ලබාදීමට නියමිතයි.

බාහිර සොර සතුරන්ගෙන් මෙන්ම ඇතැම් සේවකයන්ගෙන් ද සංචාරකයන්ට සිදුවිය හැකි හිරිහැර පිළිබඳව සියලු පාර්ශව අවදානය යොමුකළ යුතු බව පොලිසිය අවධාරණය කරනවා.

ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳ ඉදිරියේ දී ක්‍රියාකරනු ඇති බවයි පොලිසිය තවදුරටත් නිවේදනය කරන්නේ.

COMMENTS