බිත්තර මිල අඩු කරන ආකාරය ගැන එකඟතාවයක්
බිත්තරයක් රු.41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
මෙම සාකච්ඡාවට සහභාගි වූ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ මේ වනවිට වෙළඳ පොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගැනීමට ඇති බවයි.
දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද ඔහු සඳහන් කළහ.