ගත වූ දින 20 තුළ සංචාරකයින් 85,836ක් ලංකාවට ඇවිත්

ගත වූ දින 20 තුළ සංචාරකයින් 85,836ක් ලංකාවට ඇවිත්

ගත වූ දින 20 කාලය තුළ මෙරටට සංචාරකයින් 85,836 ක් පැමිණ තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් මාසයේ දෙවන සතියේ පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

එම සංඛ්‍යාව 30,103 කි.

පිළිවෙළින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීනය , ජර්මනිය, රුසියාව, යන රටවල සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවයි.

සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

COMMENTS