සජිත්ගෙන් රනිල්ට චෝදනාවක්

සජිත්ගෙන් රනිල්ට චෝදනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය ගෙවීමේ කාලය 2033 දී ආරම්භ කළ හැකි බවට ලිඛිතව ලබා දී තිබියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය 2028 දී කළ හැකි බවට පොරොන්දු වීමෙන් ජනතාව මත විශාල බදු බරක් පැටවූ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රටේ ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමට වත්මන් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් ඇතුළු සමගි ජනබලවේගය සූදානම් බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජන හමුවක් මහරගම දී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

සමගිජනබලවේගය මහරගම සංවිධායක ගාමිණී තිලකසිරි මහතායි එය සංවිධාන කළේ.

පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා.

COMMENTS