යුක්රේන යුද්ධය අවසන් කිරීමේ ට්‍රම්ප් ගෙනා යෝජනාව පිළිගන්නා බව පුටින් කියයි
යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස තමා සාදරයෙන් පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා.
මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් පැය කිහිපයක් ඇතුළත රුසියා යුක්රේන යුද ගැටුම් අවසන් කිරීමට තමා පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ කාසන් නගරයේ පැවති බ්‍රික්ස් සමුළුවේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි පුටින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
කෙසේ වුවද යුද්ධයකදී රුසියාව පරාජය කිරීමට හැකි බවට බටහිර රටවල් අනුමාන කරන්නේ නම් එය මායාවක් පමණක් බවද රුසියා ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
එමෙන්ම රුසියාව හා යුක්රේනය අතර කුමන ආකාරයේ සාම එකගතාවයකට පැමිණිමට යුක්රේනයේ රුසියාව අත්පත්කර ගත් ප්‍රදේශ රුසියා පාලන ප්‍රදේශ ලෙස ජාත්‍යන්තරය පිළිගත යුතු බවයි පුටින් ජනාධිපතිවරයා සඳහන් කළේ.