සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති සල්ලි ගෙනල්ලා ජනතාවට සහන දෙන්න – සාගර, ජනපති අනුරට කියයි

සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති සල්ලි ගෙනල්ලා ජනතාවට සහන දෙන්න – සාගර, ජනපති අනුරට කියයි

නව ජනාධිපති ඉතා ඉක්මණින් සීශේල්ස් සහ උගණ්ඩාවේ ඇති මුදල් ලංකාවට ගෙනවිත් ජනතාවට සහන සලස්වයි යැයි බලාපොරොත්තු වෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ කිව්ව කතා විශ්වාස කරලා මේ වතාවෙත් බහුතරයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ හිටපු මේ රටට ආදරය කරන , මේ රටේ ජාතිකත්වයට ගරු කරන ඒ ජනතාව තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන්නේ බවයි.

මාලිවේ ඔබ සැමට කියන්න ඕන ඔබතුමන්ලා ජනතාවට පැවසු ආකාරයට රටේ සල්ලි හොරකම් කරලා , පිටරට යවලා මේ රට කඩාවැටුණා කියලා නම්, දැන් ජනතාව බලාගෙන සිටිනවා එය ඔප්පු කරන්කන් බව ඔහු කියා සිටියා.

එහෙයින් කරුණාකරලා සීශේල්ස් වල නැතිනම් උගණ්ඩාවේ ඒ කිව්ව සල්ලි වහාම ලංකාවට ගෙනල්ලා මේ තිබෙන ණය ගෙවලා ජනතාවට සහන සලස්වන්නැයි මහලේකම්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ජනතාව සිටින්නේ ඉතා අපහසුවෙන් පොල්ගෙඩියක්වත් ගන්න බැරි තරමට ජනතාව අපහසුතාවයක බව ඔහු අනාවරණ කර සිටියා.

මේ සියලු කාරණාවලට කලින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු අතර රටේ ජනතාවට දැන් ඡන්දයට කලින් තිබිච්ච තත්වයටත් වැඩිය ආර්ථික අමාරු තත්වයකට දිගින් දිගටම පත්වෙමින් යන බව ඔහු පවසා සිටියා.

තව ද ජාතික ජනබලවේගයේ කරන්නේ දේශපාලන පළිගැනීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් තිබෙන අතර මේ වන විට ජනතාව ඉන්නේ බොහෝම අමාරුවෙන් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS