සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
සංචාරක කලාප ආශ්‍රිතව තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාවද යොදවා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ, ආරුගම්බේ, හික්කඩුව, වැලිගම, මිරිස්ස, දික්වැල්ල ආදී ප්‍රදේශවල තවදුරටත් සිය භටයින් ස්ථානගත කර ඇති බවයි.
මේ අතර, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සදහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි. මොවුන් කොළඹ, මාවනැල්ල සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, ශ්‍රි ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනයේ උපදේශක මනෝජ් මන්දගේ කියා සිටියේ සංචාරකයින්නේ ආරක්ෂාව මේ වනවිට තහවුරු වී ඇති බවයි.