අවසන් එක්දින ගැටුමේ ජය කොදෙව්වන්ට
සංචාරක – කොදෙව් එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගයේ ජය වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.
ඒ පන්දුවාර 22ක් අවසානයේ ලකුණු 196ක් ලබාගනිමින්.
අද ආරම්භ වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිටින අතරතුර පිටියට ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවත්වනු ලැබූ අතර, අනතුරුව ආරම්භ වූ තරගයේ දෙපිළටම පන්දුවාර 23 බැගින් හිමිවුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 56ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34ක්ද, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක්ද, නායක චරිත් අසලංක ලකුණු 06ක්ද, රැස් කළා.
පන්දු යැවීමේදී Roston Chase සහ Sherfane Rutherford අතරේ කඩුලු එක බැගින් බෙදී ගියා.
අනතුරුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කොදෙව් පිලට පන්දුවාර 23කදී ලකුණු 195ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් පන්දුවාර 22ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Brandon King ලකුණු 16ක්ද, Shai Hope ලකුණු 22ක්ද, Evin Lewis නොදැවී ලකුණු 102 ක්ද, Sherfane Rutherford නොදැවී ලකුණු 50ක්ද රැස් කිරීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුශංක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා.