මෙරට විදෙස් ප්‍රේෂණ ඉහළට
පසුගිය වසරේ පළමු කාර්තු තුනට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු තුනේ මෙම ඉහළ යාම වාර්තා වුණා.
ඒ අනුව මෙරට විදෙස් ප්‍රේෂණ සියයට 11.5කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ දැනට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 4,843.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මෙම වසරේ සැප්තැම්බරයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 555.6ක් බවටයි වාර්තා වන්නේ.
එය පසුගිය වසරේ ලැබුණු ඩොලර් මිලියන 482.4ක විදේශ ප්‍රේෂණ සමඟ සසදා බැලීමේ දී වාර්තාගත ඉහළයාමක්.