යාල්දේවි අද කන්කසන්තුරයට
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ.
දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉඳිපොලගේ මහතා පවසයි.