තලපති විජේගේ මංගල දේශපාලන රැළියට අති විශාල ජනතාවක්‌

තලපති විජේගේ මංගල දේශපාලන රැළියට අති විශාල ජනතාවක්‌

ඉන්දීය නළු විජේගේ මංගල දේශපාලන රැළිය සඳහා අති විශාල පිරිසක් එක්වුණා.

තමිලාග වෙට්‍රි කසාගම් නියෝජනය කරමින් ඉන්දීය සුපිරි නළු තලපති විජේ 2026 වසරේ ප්‍රාන්ත මැතිවරණයට එක්වනවා.

ඒ වෙනුවෙන් පැවති රැලිය තමිල්නාඩුවේ වික්රවන්දි හි දී පැවැත්වුනා.

තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ පක්ෂය විවේචනයට ලක් කරමින් විජේ එහිදී තවදුරටත් චෝදනා කළේ එක් පවුලක් ද්‍රවිඩ ජනතාවගේ මතවාදයන් ඔස්සේ ප්‍රාන්තය කොල්ලකෑමට උත්සහ දරණ බවයි.

2026 ප්‍රාන්ත සභා මැතිවරණයේදී තම පක්ෂය වන TVK තනි විශාලතම පක්ෂය බවට පත් කිරීම සැලසුම බව ඔහු කියා සිටියා.

කාන්තා හිංසනයන්ට ලක්ව සියදිවි නසාගැනීම් කටයුතු කළ අය විජය සිහිපත් කළ අතර, ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව පැවසුවා.