රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නැයි නාමල් ආණ්ඩුවෙන් ඉල්ලයි
මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හැටන් නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර කාර්යාල, තානාපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සාකච්ඡා කර අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කියන විශ්වාසය ගොඩනගන්න ලෙසයි.
ඒ් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට වගකීමක් තිබෙන බව ඔහු මෙහිදී කියා සිටියා.
රටේ බුද්ධි අංශය, හමුදාව මෙන්ම පොලිසිය ශක්තිමත් කළොත් මේ සියළු දේට මුහුණ දෙන්න හැකියාවක් ඇති බව නාමල් රාජපක්ෂ මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.