ණය ගත්තෙත් නැහැ; මුදල් අච්චු ගැහුවෙත් නැහැ – ඇමති විජිත
රජය කිසිදු ආකාරයේ ණය ගැනීමක් සිදුකර නැති බව අමාත්‍ය විජිත හේරත් මහතා යළි අවධාරණය කළා.
එමෙන්ම රජය රුපියල් බිලියනයක් අච්චු ගැසු බවට පැතිර යන ප්‍රචාර ද සම්පුර්ණයෙන් අසත්‍ය බව ඒ මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.