දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයේ අවසර

දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයේ අවසර

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක්
කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දුන්නා.

අදාල පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. අදාල පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කළා.

මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.