විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක්
කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්රීලංකාවාණිජ මණ්ඩල නියෝජිතයෝ පවසනවා.
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා
ඩිජිටල්කරණය තුළින්ශ්රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත්වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (29) පැවති සාකච්ඡාවකට එක්වෙමින් .
වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ වී තිබෙනවා..
රක්ෂණ ,බැංකු, ඉදිකිරීම්, සංචාරක, වැවිලි කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.
රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබාදෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කලා .
අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයෙහි ප්‍රමඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව පවතින දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.