තෙල් මිල වෙනස් වෙයිද ?

තෙල් මිල වෙනස් වෙයිද ?

මාසික මිල සූත්‍රයට අනුව, අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය විය යුතුව පවතිනවා.

එවන් පසුබිමක , පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පැවතීම යන කරුණ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් , ජනපතිවරයෙන් පසු , නව ආණ්ඩුව බලයට පැමිණ කරන දෙවැනි ඉන්ධන මිල සංශෝධනය මෙය වන අතර, පළමු සංශෝධනය ලෙස පසුගිය මාසයේ ඉන්ධන මිල යම් තරමකින් පහළ දමනු ලැබුවා.

එසේම, දැනට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ අගයක් පැවතීම හේතුවෙන්, ලංකාවේ ද ඉන්ධන මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු වෙනු ඇති බවට අනුමාන කරන බවයි ඇතැම් විශේලේෂකයින් පවසන්නේ.

නමුත්, තවමත් මෙරට ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වන බවට පවතින රජය විසින් කිසිඳු දැනුම් දීමක් සිදුකර නැහැ.

COMMENTS