මාධ්‍ය නිදහස ගැන කතා කළ ජනාධිපති අද මාධ්‍යයටත් උපදෙස් දෙන්න යනවා

මාධ්‍ය නිදහස ගැන කතා කළ ජනාධිපති අද මාධ්‍යයටත් උපදෙස් දෙන්න යනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට මාධ්‍යයට උපදෙස් දෙන්න යන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මැද කොළඹ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත් කොටසක් වන්නේ මාධ්‍ය නිදහස බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ වැදගත්ම කුළුනක් ලෙස රටක මාධ්‍ය බොහෝ දෙනා පිළිගන්නා බවයි.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කළ දේවල් මාධ්‍ය අයිතීන් හා ආරක්ෂාව වෙනුවෙන් කතා කළත් අද වන විට ජනාධිපති වී මාධ්‍යයට උපදෙස් දෙන්න යන බව සජිත් ප්‍රේමදාස මෙහිදී කියා සිටියා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන උපදෙස් දෙන බවත් අප රටේ මාධ්‍ය ක්ෂේත්‍රයට වත්මන් ජනාධිපතිවරයාගෙන් හෝ දේශපාලනඥයන්ගෙන් මාධ්‍ය නිදහස ගැන උපදෙස් අවශ්‍ය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් කුළුනක් වන මාධ්‍ය නිදහස රැකගත යුතු බවත් සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

මාධ්‍ය නිදහස, සදාචාරය රැකිය යුතු වුවත් එය රැකිය යුත්තේ මාධ්‍ය විසින්ම නිර්මාණය කරන ස්වයං රෙගුලාසි පද්ධතියක් අනුව බවත් ජනාධිපතිට හෝ ආණ්ඩුවට මාධ්‍ය පාලනය කරන්න නීති පමුණුවීම උපදෙස් දීම තරවටු කිරිම යනු මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත තරවටු කිරීමෙන් උපදෙස් දීමෙන් නියෝග දීමෙන් බැහැර වන ලෙස ඉල්ලා සිටින බවත් මාධ්‍යට ස්වයං කළමනාකරණය මාධ්‍යයට අයිති වැඩක් බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

සමගි ජන බලවේගයට සහ තමාට මාධ්‍ය වෙතින් විවේචනාත්මක ප්‍රහාර එල්ල වුවත් කිසි දින එම මාධ්‍යයට විරුද්ධව කටයුතු කර නොමැති බවත් එසේ කියන්න අයිතියක් ද නොමැති බව සජිත් ප්‍රේමදාස කියා සිටියා.

අද වන විට විපක්ෂයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුව පමණක් තිබිය යුතු යැයි මතයක් ගෙන යන බවත් මේ රටේ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට ආරක්ෂා කර ගන්නට මාධ්‍ය නිදහස රැකගන්න සමගි ජන බලවේග බහුතරයක් නිර්මාණය කරන බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS