මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව

මෙරට නාගරික ජනතාවගෙන් 23%කට දියවැඩියාව

මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙලෙන බවයි.

මේ වනවිට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඇය ප්‍රකාශ කළා ය .

දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළා ය.

COMMENTS