රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ඇදහිය නොහැකි දඩයක් පනවයි

රුසි­යානු අධිකරණයක් ගූගල් සමා­ග­මට ඇදහිය නොහැකි දඩයක් පනවයි

රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක දඩ­යක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ ගණ­නය ඉල­ක්ක­මින් සඳ­හන් කරද්දී එය බිංදු 33ක අග­යක් ගන්නා බවත්, ගණන් කළ නොහැකි ප්‍රමා­ණයේ විශාල අග­ය­කින් යුතු එම දඩ මුදල සමස්ත ලෝක­යේම දළ දේශීය නිෂ්පා­දි­ත­යට වඩා වැඩි බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් පෙන්වා දෙනවා.

ගූගල් සමා­ගම ලොව ධන­වත්ම සමා­ග­මක් ලෙස ප්‍රකට වුවද එහි මුළු වටි­නා­කම පවා ඩොලර් ට්‍රිලි­යන 3කට ආසන්න බවත්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ මුළු වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 110ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

රුසි­යානු අධි­ක­ර­ණය විසින් පන­වනු ලැබූ එම අති­වි­ශාල දඩ මුදල ප්‍රකාශ කිරී­මට පවා අසීරු බව රුසි­යානු ජනා­ධි­පති මන්දි­රයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් සඳ­හන් කර තිබෙනවා.

එහෙත් මේ නඩු තීන්දුව පිළි­බඳ ගූගල් සමා­ගම දැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුව ඇතැයි ද ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ පිළි­බඳ ගූගල් සමා­ගම මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැහැ.

https://bitlyv.com/K5VYO

COMMENTS