විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට
විදෙස් ගමන් බලපත්‍ර 750,000ක් ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ , නොවැම්බර් මස අගදී ගමන් බලපත්‍ර 100,000 ක් හා දෙසැම්බර් මස තුළදී ගමන් බලපත්‍ර 150,000 ක් ලැබෙනු ඇති බවයි.
විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබු විදෙස් ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව ගමන් බලපත්‍ර 50,000 ක් මේ වනවිට ලැබී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ , ඊට සමගාමීව තවත් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1600 කි.
ලබන මාසයේ මුල සිට එය ක්‍රමයෙන් වර්ධනය කර, අයැදුම්කරුවන් ඉල්ලුම් කරන ප්‍රමාණයටම සරිලන ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, Online ක්‍රමය යටතේ විධිමත් පරිදි දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ක්‍රමවේදය නුදුරු දිනකදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.