ජනතාව බියගැන්වූ දේශපාලන සංස්කෘතිය අවසන් කළා -ජනපති

ජනතාව බියගැන්වූ දේශපාලන සංස්කෘතිය අවසන් කළා -ජනපති

ජනතාව බියගන්වා බලපෑම් කරමින් සිදුකළ දේශපාලන සංස්කෘතිය අවසන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ නව දේශපාලන සංස්කෘතිය රැකගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගමින් ජනතා අපේක්ෂා ඉටුකිරීමට කැපවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් රට පුරා සංවිධාන කරන ජන රැළි මාලාවේ මොනරාගල ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැළි මාලාව සංවිධාන කෙරෙනවා.

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී රැළිය ඇමතුවා.