ගාලුමුවදොර පිටිය ගැන ගත් තීරණය
ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ආරක්ෂිත ස්ථානයක් මෙන්ම මැයි දින සැමරුම්, සංගීත ප්‍රසංග ආදිය සඳහා ලබාදීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.
ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීමට අවසර ලබානොදීමට 2023 අප්‍රේල් 17 වනදා පැවති කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.
ගාලුමුවදොරපිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව රුපියල් මිලියන දෙකයි දශම පහත් තුනත් අතර මුදලක් වැය වනවා.
එම මුදල ආවරණය කර ගැනීමේ අරමුණෙනුයි සෙසු කටයුතු සඳහා ද එය භාවිත කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණ කළේ.
පිරිසිදු හා හරිත ගාලුමුවදොර පිටියක් යන සංකල්පය මත පදනම්ව මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති.