ජනපති අනුරගෙන් හිටපු ජනපති රනිල්ට අභියෝගයක්

ජනපති අනුරගෙන් හිටපු ජනපති රනිල්ට අභියෝගයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද කෑගල්ලේ පැවති ජන හමුවකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් කළා.

ඒ හිටපු ජනාධිපතිවරයා කියන දේශපාලන අත්දැකීම් ඇති දස දෙනෙකු නම්කර පෙන්වන ලෙසටයි.

දේශපාලනය ප්‍රමිතිගතකරණය කර ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට ජාතික ජන බලවේගය සූදානම් බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් රට පුරා සංවිධාන කරන ජන රැළි මාලාවේ කෑගල්ල ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැළි මාලාව සංවිධාන කෙරෙනවා.

කෑගල්ලට ඇදහැලෙන මහ වැසි නොතකා ජනතාව මෙම ජන රැළියට එක්ව සිටියා.