අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සිද්ධියට ඇල්ලූ 59 දෙනාගෙන් 57කට ඇප
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 59 දෙනාගෙන් 57 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
එසේම අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගැණුනු අතර කාන්තාවන් 23 දෙනෙකුද ඒ අතර වනවා.