ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති නම් ගැසට් කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයේ දැක්වුණේ, එහි සභාපති ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා මහතා පත්ව ඇති බවයි.
උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතා පත්ව තිබේ.
පසුගිය මස 26 වැනිදා පැවැති මැතිවරණයේදී ජාතික ජන බලවේගය, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ ය.
ඒ, ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක්ම දිනා ගනිමින් ය.