විදෙස් ප්‍රේෂණ සහ සංචාරක ඉපයීම් ඉහළට
මෙරටට ලැබුණු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5431 ක්.
පසුගිය වසරට සාපේක්ෂව විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.
වසරේ ඔක්තෝබර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 587යි දශම 07 ක්.
මහබැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දර්ශකයට අනුව ජනවාරියේ සිට ඔක්තෝබර් මාසය දක්වා මුල් මාස 10 තුළ ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් 5431 යි දශම පහයි හතරක්.
එය පසුගිය වසරේ ජනවාරියේ සිට ඔක්තෝබර් මාසය දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව සියයට එකොලහයි දශම හතක වැඩිවීමක්.
මේ අතර සංචාරක කර්මාන්තය හරහා පසුගිය ඔක්තොබර් මාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති මුදල ඩොලර් මිලියන 185 දශම හයක්.
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සංචාරක කර්මාන්තයෙන් උපයන ලද මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 2533යි දශම හතක් වනවා.
මෙය පසුගිය වසරේ මුල්මාස 10 සංචාරක ඉපැයීම් ප්‍රමාණය වන මිලියන 1593යි දශම හතර සමග සංසන්දනය කිරීමේදී එය සියයට 59 ක වර්ධනයක්.
මෙම වසරේ නොවැම්බර් මස මුල් දින 05 තුළදී මෙරටට පැමීණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 30,620 ක්.
වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දාසය ලක්ෂ පනස් එක්දහස් තුන්සිය තිස් පහක්.
වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 7785 ක්. රුසියාවෙන් 4488 ක් මෙරටට පැමිණ තිබෙනවා.