ඉලෝන් මස්ක්ට නව රජයේ ප්‍රබල තනතුරක්

ඉලෝන් මස්ක්ට නව රජයේ ප්‍රබල තනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ ස්ථාපනය කරන ලද නවතම දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස ඉලෝන් මස්ක් පත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ලෙසයි.

හිටපු රිපබ්ලිකන් සාමාජික විවේක් රාමස්වාමි සමග එක්ව ඉලෝන් මස්ක් අදාළ දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දීමට නියමිත බව සඳහන් විය.

රජයේ පවතින ඇතැම් අධික බලතල විසුරුවා හැරීමට සහ අනවශ්‍ය වියදම් කපා හැරීමට මාර්ගෝපදේශ සැපයීම අදාළ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බව සඳහන්.

එය රජයෙන් පිටත සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර ට්‍රම්ප් යුධ හමුදාවේ ප්‍රවීණයෙකු වන පීට් හෙග්සෙත් ආරක්ෂක ලේකම් ලෙසත් ජෝන් රැට්ක්ලිෆ් ඔහුගේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ ලෙසත් තෝරාගෙන තිබේ.

ඊට අමතරව ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති, මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ සහ මැදපෙරදිග කලාපයේ නියෝජිත යන ධුර සඳහා ද නව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ පත්වීම් ලබා දී ඇතැයි සඳහන් විය.

https://bitlyv.com/jsxB8