ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති අනුර කී දේ

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනපති අනුර කී දේ

මහ මැතිවරණය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අබේසිංහාරාමයේ සයිකොජි පෙරපාසලේ දී අද (14) පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළේය.

ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ලංකාවේ මෙතෙක් පැවති සාමකාමීම මැතිවරණය මෙය වන බවය.

එමෙන්ම ජයග්‍රහණයෙන් අනතුරුව සියලුදෙනා සෙසු පාක්ෂිකයින්ට හිංසා නොවන අයුරින් හැසිරීමට වගබලා ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

“මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉතාමත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් සඳහා ජනවරම අපේක්ෂා කරනවා. එම ජනවරම ජනතාව විසින් අපට ලබා දෙන බව අපට විශ්වාසයක් තිබෙනවා. ජයග්‍රහණයෙන් පසුව අනෙක් පාක්ෂිකයන්ට හිංසා නොවන, කරදර නොවන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව අපි මැතිවරණ ජයග්‍රහණය සැමරිය යුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරය ගත්තත් ලංකාවේ මෙතෙක් පැවැති සාමකාමීම ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණ ව්‍යාපාරය. එය අපේ රටේ ජනතාව අත්පත් කරගනු ලැබූ දේශපාලන ජයග්‍රහණයක්. ලිහලා බලන්න තියෙන මල්ල, ඔබලා බලන්න අවශ්‍ය නෑ…. නේද?

COMMENTS