මැතිවරණ රාජකාරීයේ යෙදුනු නිලධාරින් දෙනෙකු හදිසියේ මියයයි

මැතිවරණ රාජකාරීයේ යෙදුනු නිලධාරින් දෙනෙකු හදිසියේ මියයයි

ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු කළ නිලධාරින් දෙදෙනෙකු සහ මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව අද (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කෑස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස කටයුතු අයෙකු හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි. ඇය කළ වයස අවුරුදු 48 පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය වයස අවුරුදු 57 ක පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් නිසා මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

කෝපායි පොලිස් වසමේ, කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙක් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS