ලෝක දියවැඩියා දිනය අදයි
දියවැඩියාව යනු සෑම වසරකම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්.
ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි.
අපේ රටේ සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුව වෙන්නේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝගයි.
ශ්‍රී ලංකාවේ බහුලව දකින්න ලැබෙන බෝ නොවන රෝගයක් විදිහට දියවැඩියාව හඳුන්වන්න පුළුවන්.
දියවැඩියාව ඇති වෙන්නේ රුධිර ප්රවාහයේ ඇති සියලුම සීනි එහෙමත් නැත්නම් ග්ලූකෝස් කළමනාකරණය කිරීමට ශරීරය අපොහොසත් වූ විටයි.
මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම නිසා ඒම රෝගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වනදා සමරනු ලබනවා.
මෙවර එහි තේමාව වන්නේ බාධක බිඳිමින් හිඩැස් නැති කරමු යන්නයි.
එම දිනය සැමරීමේ අරමුණ වෙන්නේ දියවැඩියා රෝගය වැළැක්වීම, කලින් හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබඳ සෞඛ්‍ය සේවකයන් හා සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමයි.
ගෝලීය වශයෙන් මේ වන විට පුද්ගලයින් මිලියන 422කට අධික සංඛ්‍යාවක් දියවැඩියාව සමග ජීවත් වන බවට තහවුරු කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය පවසන්නේ මෙම තත්ත්වය යටතේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් 80% කට ආසන්න ප්‍රතිශතයක් ආහාර පුරුදු වේගයෙන් වෙනස් වෙමින් පවතින මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවල වාසය කරන්නන් බවයි.
ශාරීරික ක්‍රියාශීලී බව, සෞඛ්‍යමත් ආහාර පුරුදු වැනි නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීම මගින් දියවැඩියා රෝගය වළක්වා ගන්න පුළුවන්.
මෙම රෝගයට නිසි ප්‍රතිකාර ගැනීම මගින් රෝගය පාලනය කර සංකූලතා ඇතිවීමද වළක්වාගත හැකි වෙනවා.
ඉතිං අපි මේ පුරුදු අනුගමනයෙන් වගේම ක්‍රියාශීලී, සෞඛ්‍යමත් ජීවන රටාව තුළින් දියවැඩියාව තුරන් කිරීමට දායක වෙමු.