මේ වනවිට නිකුත් වී ඇති ප්රතිඵල අනුව NPP වෙත ආසන 107 ක්
අද උදෑසන 9.25 වන විට නිකුත් වී ඇති මහ මැතිවරණයේ ප්රතිඵල අනුව ඡන්ද 6,842,223 ක් ලබා ගනිමින් ආසන 107ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී තිබෙනවා.
සමගි ජන බලවේගය ඡන්ද 1,966,875 ක් ලබාගෙන ආසන 26 ක බලය මේ වන විට තහවුරුගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 493,359 ක් ලබාගෙන ආසන දෙකක බලයත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 314,548 ක් ලබා ආසන දෙකක් දිනාගෙන තිබෙනවා.