යුක්රේන ජනපති බලාපොරොත්තුවක
ඇමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ රුසියා යුක්රේන යුද ගැටුම් ඉතා කෙටි කාලයක් තුලදී අවසන් වනු ඇති බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.
තේරීපත් වූ ඇමෙරිකා ජනාධිපතිවරයා ජනවාරි මාසයේදී ධුරයේ දිවුරුම්දී ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස යුද ගැටුම් අවසන් වනු ඇති බවට යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.
ට්‍රම්ප් මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු සමග තමා දුරකතන සංවාදයක යෙදුණු බවත් එහිදී යුද ගැටුම් සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සාකච්ඡාවක් පැවැත්වූ බව යුක්රේන ජනාධිපතිවරයා කියා සිටිනවා.
කෙසේ වුවද යුද ගැටුම් අත්හිටුවීම සඳහා යුක්රේනය සිදු කළ යුතු කැපකිරීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳ හෙළි කිරීමක් යුක්රේන ජනාධිපතිවරයා සිදු කර නැහැ.
2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අතර එම යුද මෙහෙයුම් තමා ධුරයට පත් වී ඉතා කෙටි කලක් තුළ අවසන් කරන බවයි මැතිවරණයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ.