උණ රෝගයක් නිසා සෙබලු පිරිසක් නිරෝධායනයට
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බව සඳහන්.
උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව යුද හමුදාව පවසනවා.
කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ උපදෙස් මත කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පැතිර යන උණ රෝග තත්වය නිශ්චිතව හදුනාගැනීමට පරීක්ෂණාගාර වෙත යොමුකොට ඇති අතර දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවට මුලිකව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද යුද හමුදාව සඳහන් කරනවා.
මේ වනවිට මෙම උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවයි යුද හමුදාව පවසන්නේ.