දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට යුක්‍රේනයට අවසර

දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට යුක්‍රේනයට අවසර

අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට අවසර දී තිබේ.
ඒ, යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ, දිගු දුර මිසයිල යොදා ගනිමින් පළමු ප්‍රහාරය එල්ල කිරීමට යුක්‍රේනය සූදානම් වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යුක්‍රේනය එම තීරණය ගෙන ඇත්තේ, රුසියාව, යුද්ධය සඳහා උතුරු කොරියානු හමුදා යොදා ගැනීමට ප්‍රතිචාර ලෙසයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නැහැ.

රුසියානු ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී ව්ලැඩිමීර් ධබරොව් සඳහන් කළේ, යුක්‍රේනයට අවසර දෙමින් අමෙරිකාව ගත් තීරණය, තුන් වැනි ලෝක යුද්ධයක් ඇති වීමට හේතුවනු ඇති බවයි.

අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල වලින් කිලෝමීටර 306 ක් දක්වා වූ ප්‍රදේශයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කළ හැකිවෙයි.

https://bitlyv.com/ztOK0

COMMENTS