ශ්‍රී ලංකා කණ්ඩායම වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගනී
ශ්‍රී ලංකා කණ්ඩායම වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ ය.
ඒ, දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් ජය ගනිමින් ය.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඉනිමක් පන්දුවාර 47කට සීමා විය.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209කි.
මාර්ක් චැප්මන් ලකුණු 76කි.
මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.
ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 46ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදී ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74කි.
මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් රැස් කළේ ය.