ජනපති හා IMF නියෝජිත හමුවේ ප්‍රගතිය

ජනපති හා IMF නියෝජිත හමුවේ ප්‍රගතිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය අද (19) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවුයේ ඊයේ(18) පස්වරුවෙය.

හමුව පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණයට එරෙහිවීම සිය අරමුණ බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා එහිදී දැනුම්දී ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා ඊයේ(18) ආරම්භ විය.

ඒ, දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතරයි.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණියේ පසුගිය සිකුරාදායි.

COMMENTS