ඇමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් ප්‍රථම වරට රුසියාවට එල්ල කරයි

ඇමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් ප්‍රථම වරට රුසියාවට එල්ල කරයි

යුක්‍රේනය ප්‍රථම වරට අමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙනවා.

උතුරු යුක්රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක ගින්නක් ද හටගෙන ඇති බවයි.

දිගු දුර මිසයිල භාවිතයට යුක්‍රේනයට අවසර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර දිනක් ගතවීමත් සමගයි යුක්රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

http://surl.li/lfwluh