ජනාධිපතිවරයාගේ කතාව තුළ ජාත්‍යන්තරය ගැන කිසිවක් අඩංගු වුනේ නැහැ
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය තුළ ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කිසිවක් අඩංගු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව රට ලෝකයට එකතු කිරීම සඳහා ජාත්‍යන්තරය අතිශයින් වැදගත් බවයි අද (21) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනතාව වෙනුවෙන් විපක්ෂයක් ලෙස සිය කාර්භාර්ය ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.