අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්
අස්වැසුම ප්රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම්දීමක් කර තිබෙනවා.
ඒ අනුව එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර කෙරෙන බවයි පැවසෙන්නේ.
එය මේ මාසයේ සිට ක්රියාත්මක බවද සඳහන්.