මහාචාර්ය ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට

මහාචාර්ය ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබේ.

ඔහු , ඇමරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරයෙකි.

කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ගෝමික උඩුගමසුරිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක් ද වෙයි.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, ඇමරිකාවේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද ලබා ගෙන ඇති අතර ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාත් ආචාර්ය උපාධිය ද ලබා ගෙන තිබේ.

COMMENTS