විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000 ක් වංචා කර ඇති බව විගණනයකින් හෙළිවෙයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000 ක් වංචා කර ඇති බව විගණනයකින් හෙළිවෙයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000 කට අධික සංඛ්‍යාවක් අවභාවිතා කර ඇති බව විගණනයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි විගණකාධිපති W.P.C. වික්‍රමරත්න සඳහන් කළේ.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බවත් ඉදිරියේදී එය සභාගත කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

COMMENTS