ජනාධිපතිවරයා​ගේ කතාව තුළ ජාත්‍යන්තරය ගැ​න කිසිවක් අඩංගු වුනේ නැහැ

ජනාධිපතිවරයා​ගේ කතාව තුළ ජාත්‍යන්තරය ගැ​න කිසිවක් අඩංගු වුනේ නැහැ

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ප්‍රකාශය තුළ ජාත්‍යන්තරය සම්බන්ධයෙන් කිසිවක් අඩංගු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව රට ලෝකයට එකතු කිරීම සඳහා ජාත්‍යන්තර​ය අතිශයින් වැදගත් බවයි අද (21) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව වෙනුවෙන් විපක්ෂයක් ලෙස සිය කාර්භාර්ය ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.