ශීත සෘතුවත් සමඟ ප්‍රංශයට හිම වැටෙන්න පටන් ගනී

ශීත සෘතුවත් සමඟ ප්‍රංශයට හිම වැටෙන්න පටන් ගනී

මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ශීත සෘතුව සැලකෙන්නේ වසරේ ශීතලම සහ අඳුරුතම සමය ලෙසයි.

එමෙන්ම, මේ වන විටත් ලොව උතුරු අර්ධගෝලයේ රටවල් රැසක හිම පතනය ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ප්‍රංශයෙන් ද මේ වනවිට වාර්තා වන්නේ හිම පතනය සහිත අධික ශීත කාලගුණයක් වේ.

හිම පතනය හේතුවෙන් ප්‍රංශයේ වීථි සහ පදික වේදිකා හිමෙන් වැසී ගොස් තිබෙනවා.

එයින් පැරිස් අගනුවර ඇතුළු නගර රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ශීතාධික කාලගුණය හමුවේ බටහිර දිග ප්‍රංශයේ නිවාස ලක්ෂය ඉක්මවූ ප්‍රමාණයකට විදුලි ඇණහීටීමටක ද මුහුණදීමට සිදුව තිබෙනවා.

විදුලි සැපයීම යථාවත් කිරීමට සේවකයින් දහසක් පමණ යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම, ප්‍රංශ කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ හිම පතනය ඉදිරියේ දී තවත් තීව්‍ර විය හැකි බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව දැනටමත් උතුරු බ්‍රිට්නි සහ නෝමැන්ඩි ප්‍රදේශවලට මෙන්ම ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර පෙදෙස්වලට තැඹිලි අනතුරු අඟවීම් නිකුත් කර තිබෙනවා.

COMMENTS