දකුණු කොරියා රැකියාවලට යෑමට අවස්ථාව අහිමි වූ පිරිසක් සත්‍යග්‍රහයේ

දකුණු කොරියා රැකියාවලට යෑමට අවස්ථාව අහිමි වූ පිරිසක් සත්‍යග්‍රහයේ

විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට E 8 වීසා එකමුතුව ආරම්භ කළ සත්‍යග්‍රහය අද (24) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් එම සත්‍යග්‍රහය ආරම්භ කළේ, E 8 කාණ්ඩය යටතේ වීසා ලැබුණ ද දකුණු කොරියාවට යෑමට අවස්ථාවක් නොලැබීමට විරෝධය පළ කරමිනි.

E8 වීසා යනු මාස 6 ක් වැනි කෙටිකාලීන රැකියාවක් සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයකි.

ඒ යටතේ, මාස 8ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර කේෂත්‍රයේ රැකියාවල නිරත වීමට අවස්ථා හිමිවේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබා නොදීමෙන්, E 8 වීසා හිමි වූ ලාංකිකයින් 107 දෙනෙකුට දකුණු කොරියාවට යෑමට හැකිවී නැත.

ඒ වනවිටත් ඔවුන්ට දකුණු කොරියාවේ වන්ඩෝ ප්‍රාන්තයේ ගිවිසුම් සහිත රැකියා අවස්ථා හිමිවී තිබේ.

එහෙත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, වීසා අනුමත කිරීමේදී තාක්ෂණික දෝෂයක් මතු වීමෙන් ලියාපදිංචි කළ නොහැකිවූ බවයි.

COMMENTS