උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වෙයි.

අද සිට ලබන මස 20 දා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, 333,183ක්.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, 253,390ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමිවන්නේ නැහැ.

COMMENTS