ඇමති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම (VIDEO)

ඇමති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම (VIDEO)

කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුර­ක­තන සමා­ග­ම­කින් බවත් දුර­ක­ත­නය සඳහා රුපි­යල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ඇම­තු­මෙන් දැනුම් දුන් බවත් කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා පැවැ­සීය.

හිටපු අමා­ත්‍ය­ව­රුන්ගේ අත්ත­නෝ­ම­තික ක්‍රියා කලා­පය හේතු­වෙන් රාජ්‍ය ආය­තන විනාශ වූ බව ද හඳු­න්නෙත්ති මහතා අකු­රැස්සේ දී පැවැති ජන හමු­වක දී පෙරේදා (23) කීවේය.

“ මගේ අමා­ත්‍යාං­ශ­යට මම ගිය විට ඇමැ­ති­ව­ර­යාට ලබා දෙන ෆෝන් එකෙන් ආපු පළ­මු­වෙනි දුර­ක­ථන ඇම­තුම හිඟ දුර­ක­ථන බිල් පත ගෙවන්න කියලා දුර­ක­ථන සමා­ග­ම­කින් ආපු දුර­ක­ථන ඇම­තු­මක්. මම හිතුවේ මට සුබ පතන්න හරි වෙන කවු­රු­හරි වෙන්න ඇති කියලා.

කර්මාන්ත අමා­ත්‍යාං­ශ­යෙන්ද කතා කරන්නේ කියලා සැරට කතා කරපු නෝනා මහ­ත්ත­යෙක් කතා කරලා කිව්වේ 24,220ක හිඟ බිලක් තියෙ­නව හෙට උදේට ගෙව්වේ නැත්නම් ෆෝන් එක කප­නවා කිය­ලයි.

මගෙන් ඇහුවා කවුද කතා කරන්නේ කියලා. මම කිව්වා ඇමැති තමයි කතා කරන්නේ ලොකු මහ­ත්තුරු ඔක්කොම ගිහිල්ලා. හෙට උදේ ලොකු මහ­ත්තුරු ආවට පස්සේ ගෙවන්න කියලා කිය­න්නම් කියලා. මේ වගේ දේව­ල්ව­ලින් තේරුම් ගන්න පුළු­වන් වෙන්නේ අපේ රටේ ආය­ත­න­ව­ලට මොකද වෙන්නේ කියල යැයිද හෙතෙම කීවේය.

COMMENTS