නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) 4.00 සිට (26) දින 4.00 දක්වා බලත්මකයි.

අනතුරු ඇඟවීමේ 1 මට්ටම ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර යන ප්‍රදේශයන්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය යන ප්‍රදේශයන්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ, බුලත්කොහුපිටිය, කෑගල්ල සහ යටියන්තොට යන ප්‍රදේශයන් නම් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රදේශයද නුවරඑළිය දිස්ත්‍රික්කයේ,අඹගමුව ප්‍රදේශයද රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර, බලංගොඩ, කහවත්ත, විවෘතනායක, පැල්මඩුල්ල සහ ඉඹුල්පේ යන ප්‍රදේශයන් අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

COMMENTS