නිධන් හාරන්න යන්න එපා, පිටරටවල හංගලා තියෙනවා කියපු සල්ලි ගේන්න
රජයේ මීළඟ අයවැයෙන් බදු බර ඇතුළු සියලු දේ වැඩිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
අයවැය පෙබරවාරි මාසය දක්වා කල් දැමීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව සිතා බැලිය යුතු බවයි ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රජයේ පළමු ආයෝජන ව්‍යාපෘතිය වූ නිධන් හෑරීම සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත්, නිධන් හෑරීමට නොයන ලෙසත්, සොරකම් කර පිටරටවල්වල සඟවා ඇති බවට කියූ මුදල් ගෙනැවිත් රට සංවර්ධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.