ණය ගෙවද්දි ආර් ථිකය වැටෙනවා කියන කතාව බොරු – මහබැංකු අධිපති
2028 වර්ශයේ විදෙස් ණය වාරික ගෙවීම ආරම්භ කිරීම මෙරට ආර්ථිකයට අයහපත් ලෙස බලපාන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මෙම කරුණු හෙළි කළ අතර මුදල් අච්චුගැසීම සහ ණය ගැණීම පිළිබදව පවතින ප්‍රචාරයටන්ට ද පිළිතුරු ලබා දුන්නා.