මහ වැස්සෙන් වව්නියාවේ වැව් 30ක් කැඩිලා – 250ක් දැඩි අවදානමේ
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී ගෙස් ඇති අතර තවත් වැව් 250ක් කැඩීයාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ්.සරත්චන්ද්‍ර මහතා පවසනවා.
වව්නියාව දිසාපතිවරයා මේ බව පවසා සිටියේ වව්නියව දිස්ත්‍රික්කයේ පවතින වත්මන් කාලගුණික තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ නිලධාරීන් සමග නිරීක්ෂණයක නිරත වූ අවස්ථවේදීයි.
වව්නියාව දිස්ත්‍රීක්කයේ වැව් 800කට අධික ප්‍රමණයක් පිහිටා ඇති අතර මෙලෙස වැව් බැමි එකවර විශාල ප්‍රමාණයක් කඩා ගිය පළමු අවස්ථාව මෙය වෙනවා.
එබැවින් පහත්බිම්වල ජීවත්වන ජනතාවට දැඩි පරීක්ෂාවකින් සිටින ලෙසටද ආපදා කළමනාකරණ නිලධාරීන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම කැඩීයාමේ අවදාමකට ලක්ව ඇති වැව් ආසන්නයේ සිටින ජනතාවද ආරක්ෂිත ස්ථාන කරා යෙමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ සඳහා ආපදා කළමනාකරණ නිලධරීන් මෙන්ම අරක්ෂක අංශ නිලධාරීන්ද යොදවා තිබෙනවා.